විදුහල්පති පණිවිඩය
මාර/ශ්‍රීමත් අනගාරික ධර්මපාල මහා විද්‍යාලය

අනාගත පුරවැසියන් තනන මූලික සමාජය මූලික සමාජය ඒකකය පාසලයි. මේ සඳහා සමාජ හා පාරිසරික බලපෑම කොතෙකුත් පැවතුණද හොඳ පාසලකින් දරුවා කෙරෙහි සිදු කරනු ලබන බලපෑම තීරණාත්මක වේ. පාසලේ මූලික කාර්යය වන්නේ වර්තමාන පරම්පරාව සතු ඥානය ශිල්ප ශාස්ත්‍ර සංස්කෘතිය හා මානව අත්දැකීම් ඊළඟ පරම්පරාවට සම්ප්‍රේෂණය කිරීමයි.ඒ අනුව මාගේ පාසැල් ලබා දෙන අධ්‍යාපනය තුළින් නිසි වැඩ ආකල්ප ඇති වෘත්තිය වශයෙන් අනාගතය පුහුණු කරගත හැකි වෘත්තිකයෙකු යහපත් මනුෂ්‍යයකු මෙන්ම ඵලදායී පුරවැසියකු තැනීම මූලික අරමුණයි.
වර්තමාන පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක වන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අනුව දරුවන් තුල නිපුණතා ඔප්නංවලිම් ජාතික පොදු අරමුණු සාක්ෂාත් වන පරිදි පාසලේ සිසු දරුවන් අධ්‍යයන කාර්ය මණ්ඩලය නිසි ලෙස හසුරුවමින් සොඳුරු නිර්මාණශීලී දරුවන් දායාද කිරීම මාගේ වෑයමයි.මේ සඳහා අවැසි පහසුකම් සලසමින් අවශ්‍ය මග පෙන්වීම් හා සැලසුම් සකස් කර දරුවන් පූර්ණ පෞරුෂත්වයට බලපාන ශිෂ්‍ය සංවර්ධන විෂය සමගාමී විෂය බාහිර ක්‍රියාකාරකම් ගුරු සංවර්ධන වැඩසටහන් දියත් කරමින් 21 සියවසට ගැලපෙන දුවා දරුවන් බිහි කිරීම අපගේ බලාපොරොත්තුවයි.හුදෙක් අහිංසක ජනතාවගේ දුවා දරුවන් දුවා දරුවන් අධ්‍යාපනය ලබන පස්ගොඩ කලාපයේ ජනප්‍රයතම පාසල බවට මාර ශ්‍රීමත් අනගාරික ධර්මපාල මහා විද්‍යාලය රැගෙන යාම මාගේ අභිප්‍රායයි
විදුහල්පති,
මාර/ශ්‍රීමත් අනගාරික ධර්මපාල මහා විද්‍යාලය